Saturday, February 18, 2017

Fever, Mania & Phobia (උණ, මේනියාව සහ ෆෝබියාව..)


කවද හරි මගේ පොඩි උන් හොදට ඉගෙන ගෙන සමාජෙ ලොකු මිනිහෙක් වෙන්න ඕනි.. හැම අම්මෙක්ගෙ තාත්තෙක්ගෙම එකම පැතුම.. කීයක් ගියත් මන් කොහොම හරි උගන්නනවා.. අහින්සක අශාවක් ලොකු බලාපොරොත්තුවක් තමයි ඒත් ඒකෙන් එන පීඩනේ බලපාන්නෙ හයක් හතරක් නොදන්න පොඩි එකාට..

උණ.. සමාජ ගතවී ඇති ප්‍රභල වචනයක්. පොදුවේ ගත්තම අසනීපයක් උනාට මේක ඉතා ඉක්මනින් බෝවන හින්ද මේ වචනයෙන් සමාජයේ බෝවන වෙනත් දේත් හඳුන්වනවා. පාසල් ළමුන් සඳහා වන ශිෂ්‍යත්ව උපකාරක පන්ති දැනට සමාජ ගතවී ඇති උණකට හොඳ උදාහරණයක්. අවාසනාවකට වගේ මේක හැදෙන්නේ දෙමාපියන්ට ඒත් පිනකට වගේ මේක ළමයින්ටනම් හැදෙන්නැහැ. පහ වසරෙ පොඩි එකාට මොන සිස්සත්තෙද කියලත් හිතෙනවා. දුවල පැනල සෙල්ලං හිතදෙන කාලෙ ඉස්කෝලෙ ඇරිල නැත්තං සෙනසුරාද ඉරිද පැය ගානක් පංති කියල මගුලකට ගෙනිහින් ඔහේ වද දෙනවා.. සතියට දවස් දෙක තුනක්.. ඉංගිරීසි වලට වෙනම.. elocution අමතක නෑ.. පව් ඉතින් මස් කඩවලට හරක් දක්වනවා වගේ තමයි.. ඉස්කෝලෙ ඉන්නෙ බාල ගුරුවරු මයෙ හිතේ..  නැත්තං ගුරු උන්දැලා ඉස්කෝලෙ උගන්නන්නෙ අඩුවට වෙන්නැති.. මක් උනත් මේක පටන් ගන්නෙම ඔතනින් කියන්න බෑ ඇයි මොන්ටිසෝරි.. ලමයට අවුරුදු තුනේ ඉඳලා අවුරුදු දෙකක් යවනවා පූර්ව ලමාවිය සංවර්ධනයට.. සමහරු international නෙ යවන්නෙ ඉංගිරීසි මාධ්‍ය නැතුව ලංකාවෙ ඉස්සරහට යන්න බෑ කියන්නෙ.. ඉතිං කොහෙද රට ගැන ආදරයක් ඇති වෙන්නෙ..මේක උණ මට්ටමෙන් ඉහලට යන්නෙ මේනියාවක් විදියට.. උණෙන් ඔබ්බට වගේ සංකල්පයක් තමයි.. අනික්ට මොකටද අපි සෙකන්ඩ් වෙන්නෙ තට්ටු දෙකේ ගෙදර ඉස්සරහ ගෙදර පහල ගෙදර පොඩි ගෙදර මැටි ගෙදර පොඩි එකා යනවනම් අපේ එකාලත් යන්න ඕනි.. මගේ එකා ඩොක්ට හරි එංජිනියර් හරි නොකලොත් මං අම්ම නෙමේ වගේ මානසිකත්වයක් තමා ඉතිං.. හරි ඒකත් එකටම ඕකෙත් එනවා ඔබ්බට අවස්තාවක්.. උච්චතම අවස්තාව කියන්නත් පුලුවං.. ෆෝබියා තත්වයක් නැත්තං භීතිකා අවස්තාව කියමුකො.. ලමයා මැසිම වගේ.. අධ්‍යාපනේ සුපිරි.. ඒත් ලොකු වෙද්දි ලමයට සමාජෙ ගැටෙන්න ඕනි මානසික සංවර්ධනය ආකල්ප සංවර්ධනය පෞර්ෂත්ව සංවර්ධනය බිංදුවයි.. ගමේ ගොඩේ මිනිහෙක් තියා අම්මා අප්පවත් ඇලජික්.. cadet බාල දක්ශ දහම් පාසල් තියා ක්‍රීඩාවක් කියල දෙයක් කණ්ඩායම් හැඟීමක්වත් ඇත්තෙම නෑ.. පොදු වැඩක් පිං වැඩක් ම්හ්හ්...  අලුත් අවරුදු සිරිත් වෙසක් බැලිලි ළමයින්ට දෙන්නැහැ.. ඉගෙනීම කියල ගෙවල් ඇතුලෙ දාගෙන එකක් මත්තෙම එල්ලනවට වඩා හොඳ නැද්ද කැමති පැත්තට හැරෙන්න දෙන එක.. ජීවිතේ ළමයට හොයා ගන්න උදවු කරන එක.. සමාජෙ හැමෝටම ලොකු ලොකු තානාන්තර වලට යන්න බෑ.. රස්සාවක් ඕනි සල්ලි ඕනි ඒත් ජීවිතේ ඔක්කොටම වඩා ඕනි.. නිකන් උගන්නන ගුරා හොඳයි.. පිනට බේත් කරන ඩොකා හොඳයි.. ඒත් sure නෑ.. ලොකු ගානට කරන එකා විශ්වාසයි.. උගේ තමයි හොඳම.. මේ මොක උනත් එන්න එන්නම සමාජෙ දෙමාපියන්ට සලකන හොඳින් පව්ල් කන අනිත් උන්ට උදව් පදව් කරගෙන සාධාරණව ඉන්න පිරිස අඩු වෙනවා.. අපිට ඔය බටහිර ලොකු ලොකු වචන ලොකු ලොකු concept නැති උනාට මුලු ජීවිතේටම apply කරගන්න පුලුවන් බුද්ධාගම කියන ශ්‍රේෂ්ට දර්ශනේ තියෙනවා නේද? Quality, management, 5s, human resource වගේ එකී මෙකී නොකී නොසෑහෙන්න දේවල් ප්‍රායෝගිකව ඔය බුද්ධාගම ඇතුලෙ හැංගිලා තියෙනව.. ලෝකෙ විශ්වෙ සොබාවෙ.. ජීවී අජීවී ලෝක සත්ව කොට්ඨාශ ලෝක විනාශෙ ආරම්භෙ වගේ තාම බටහිරට සනාථ කරගන්නවත් බැරුව දඟලන එව්වා ඔවා.. ඒවා ඔලුවලට නොදා  පොඩි උන්ව මැටි බෝල කරන්න උඩගෙඩි දෙන එකාලම නාකි වෙල දත් නියෝනවා.. උණ මේනියාවෙන් අන්තිමට භීතිකාව.. ආදරේට ලොකු මහත්තුරු කොරන්න යනව වගේ නෙමෙයි කරන්න ඕනි විදියට නොකරොත්..

තාත්තා ගන්න සොච්චම මදි ගෙදර වියදමට ඉතින් අම්මත් කරනව මොනා හරි කීයක් හරි හොයා ගන්න. ඒ ගන්න සොච්චමෙන් තමයි තමන්ගෙ ලමයින්ගෙ ලෝකෙ හදන්නෙ.. ඒත් නොමග යන්න නොදී ලමය ගැන විමසිල්ලෙන් හොයල කරන්නෙ කීයෙන් කී දෙනාද ලමයින්ට ඕනි දෙමාපිය ආදරේ දිවා සුරැකුමෙන් ආච්චි ද්ම්මගෙන් හරි වැඩට ඉන්න ගෑනු උන්දැගෙන් හරි ලැබෙනවදනම් සැකයි.. ආච්ච් අම්මගෙ ආදරේ හුරතලේ සැකයක් නෑ ඒත් දෙමාපිය යුතුකම වගකීම වෙනම එකක් නේද? ගමේ ගොඩේ ඉන්න කොල්ලො කුරුට්ටො ටික එක්කාසු කරල සමිතියක පන්සලක හවසකට පොඩි හාමුදුරු නමක් වඩම්මගෙන ඉංගිරීසි අකුරක් දෙකක් උගන්නන්න වගේ ආකල්පයක් උනන්දුවක් අපේ මේ අහින්සක අම්මල තාත්තලට නෑ.. රස්සා වැඩ එක්ක busy.. ඒවටම හරියන විකාර සමාජ ආකල්ප තමයි හෝ ගාල බෝවෙන්නෙ.. කාගෙ කරුමෙද මන්දා..

මගෙ දුව දැන් ලොකු ඔෆිස් එහෙක තමා වැඩ කරන්නෙ.. හොඳ ලියන මහත්තයෙක් කතා කරල තියෙන්නෙ.. ඉක්මනට කසාදෙත් වෙයි.. මොන අම්මගෙත් සතුට ඕකනෙ.. උජාරුවට කිව්වට අම්මගෙ යුතුකම වගක්කීම හරියටම කරාද දරුවට? ඔය අම්ම බොහොම මහන්සිවෙලා දුක් විඳල උගන්නපුවගෙ ප්‍රතිපලේ.. එත් ගොඩක් වෙලාවට බැඳල අවුරුද්ද දෙක යද්දි ගෙවල්වල ප්‍රශ්න.. කෙල්ලෙ ඉගෙන ගෙන නම් තියෙනව බතක් පරිප්පුවක් උයා ගන්න බෑ.. වලඳක් හෝද ගන්න මිනිහගෙ රෙද්දක් හෝදල දෙන්න බෑ.. එක්කො දන්නැහැ නැත්තන් වෙලාවක් නෑ.. මිනිහ බල්නව ලස්සන කන්නද සල්ලි කන්නද මේකද ජීවිතේ කියලා.. දුවට උගන්නන ගමන් ගෙදර දොරේ වැඩ කරවන්න ඕනි.. දැන් කොහෙන්ද බං කැවුමක් කොකිසක් හදන්න දන්න ගෑනු? කොල්ලො කියනව ඇහිල නැද්ද? අපේ ගෑනු කොහොමද බං අම්මලන් වගේ වැඩක් කරගන්න දන්නෙ.. සමාජ ආකල්ප.. පාට පාට ලෝකෙ marketing වලට යට වෙලා සමාජ සාරධර්ම සංස්කෘතිය පිරිහෙන්න අරගෙනෙ නේද? සදිසා නමස්කාරයක් කියල දෙයක් ඉගෙන ගත්ත බෞද්ධයෙක් ලැජ්ජ වෙන්න ඕනි..